Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය ගායිකා නතාෂා පෙරේරාගේ ඇඳුම නිසා කතෝලික සභාවෙන් දෙරණට කුණු බැණුම්

3 years ago

නත්තල් දිනයට සමගාමීව දෙරණ මාධ්‍ය ආයතනය මඟින් ඉදිරිපත් කළ ගීතමය වැඩ සටහනක අංගයක් සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනා සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

රාගම තේවත්ත පල්ලියේදී දෙරණ නාලිකාව විසින් පටිගත කර විකාශය කරන ලද ගීතමය වැඩසටහනකදී ගායන ශිල්පිනී නතාශා පෙරේරා විසින් ගීත ගායනා කරමින් ඉදිරිපත් කළ රංගනය සම්බන්ධයෙන් මෙසේ විරෝධය එල්ල වුණා.

කතෝලික ප්‍රජාව මෙන්ම වෙනත් පාර්ශවද මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර සමාජ මාධ්‍ය සටහන් තබා තිබුණා.

මේ අතර,මෙම වැඩසටහන සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කතෝලික සභාව පවසන්නේ මෙය පටිගත කර විකාශය කරන ලද වැඩසටහනක් බැවින් එහි ගායිකාවගේ හෝ ගායකයාගේ ඇඳුම් සහ රංගනය සම්බන්ධයෙන් නිෂ්පාදකවරයා ප්‍රමුඛ කණ්ඩායම වගකීම භාරගත යුතු බවයි.

වගකීම් සහගත ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන දෙරණ ආයතනය, මෙම සිදුවීම සම්බන්ධයෙන් වරද පිළිගෙන සිය කණගාටුව ප්‍රකාශ කිරිමට තරම්වත් උනන්දුවක් දක්වා නොමැති අතර ඒ අවස්ථාවේදීම එය නිවැරදි කරන ලෙස දැනුම්දීමක් සිදු කළද මේ වන තෙක් එය සිදු නොකිරීම කණගාටුවට කරුණක් බවද එම ලිපියේ තවදුරටත් සඳහන්.