Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

school children

පාසල් අවටින් මත්ද්‍රව්‍ය රැසක් සොයාගනී

3 years ago

පාසල් අවට මීටර් 500ක සීමාව පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය රැසක් සොයාගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි. 

පාසල් 3,183ක් ඉලක්ක කරමින් මෙලෙස මීටර් 500ක දුර සීමාව ආවරණය කරමින් මෙම පරීක්ෂා කිරීම් සිදුකර තිබුණි.

එහිදී මත්ද්‍රව්‍ය භාවිත කරන සහ ජාවාරම් කරන සැකකරුවන් 217 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

සිදුකළ සෝදිසි කිරීම්වලදී හෙරොයින් ග්‍රෑම් 95ක්, ගංජා ග්‍රෑම් 7130, නීතිවිරෝධී දුම්වැටි 85ක්, මත්පෙති 16,561ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 48ක්  සහ මාවා කිලෝ 113කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.