කටුවන – ඌරුබොක්ක මාර්ගයේ රුක්මල්පිටිය ප්රදේශයේ දී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
රියදුරුට ලොරි රථය පාලනය කරගැනීමට නොහැකිව ඊයේ (31) මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.
ලොරි රථයේ සිව්දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරෙන් අනතුරුව කටුවන රෝහලට ඇතුළත් කිරීමේදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වැඩිදුර ප්රතිකාර සඳහා අනෙක් තුන්දෙනා වලස්මුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.
ඉතිරි පුද්ගලයින් දෙදෙනා වැඩිදුර ප්රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

