අරලියගහ මන්දිරය දොරටුව ඉදිරිපිටදී ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් අද (01) දහවල් ගිනිගෙන විනාශ වූ බව කොල්ලූපිටිය පොලිසිය පවසනවා.
ත්‍රීරෝද රථය ගිනි ගැනිමත් සමගම එහි පිටුපස ගමන් ගත් කාන්තාවක් ඇතුළු කුඩා ළමුන් තිදෙනෙක් ඉන් පිටතට පැන දිවි බේරාගෙන තිබෙනවා.
කොළඹ දෙසට ඇතුළු වෙන මං තීරුවේ ධාවනය වෙමින් තිබූ තීරෝද රථය අරලියගහ මන්දිරිය ඉදිරිපස දොරටුව ඉදිරිපසින් ධාවනය වීමත් සමඟම එහි පිටුපස කොටසින් මෙම ගින්න හටගෙන තිබූ බව පොලිසියපවසනවා.
ගින්න හට ගැනීමත් සමගම කොළඹ නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට කටයුතු කර තිබුණා.
කාර්මික දෝෂයක් ගින්නට හේතුව බවට සැකකරන බව පොලිස් නිලධාරියකු සඳහන් කළා.

