Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් වෙනස් කිරීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

3 years ago

පවතින වැසි හා ගංවතුර තත්ත්වය මත කැකිරාව මඩාටුගම රේවත විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය සංශෝධනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව එම විභාග මධ්‍යස්ථානයේ දී විභාගය සඳහා පෙනී සිටීමට සිටි අපේක්ෂකයින් සඳහා ගල්කිරියාගම මධ්‍ය මහා විද්‍යාලයේ නව විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමටයි පියවර ගෙන ඇත.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අනිද්දා (04) සිට ආරම්භ වේ.

අයැදුම්පත් නොලැබී ඇති අපේක්ෂකයින් හට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අයැදුම්පත්‍ර භාගත කර ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.