Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඔබේ ප්‍රදේශයේ පවතින මත්ද්‍රව්‍ය ගැන දැනුම්දීමට දුරකථන අංකයක්

3 years ago

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වන මෙම කාල සීමාවේදී ජනතාවට ඒ සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීමේ නව ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

071 859 8800 යන එම දුරකථන අංකය සටහන් කළ ස්ටිකර් ත්‍රීරෝද රථවල ප්‍රදර්ශනය කිරීම මඟින් මෙම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදුකර ගතහැකි බවටයි පොලිසිය විශ්වාසය පළකරන්නේ.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සියලු ප්‍රජා පොලිස් කොට්ටාශවලට එම ස්ටිකර් ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කළා.

ඒ අනුව ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීම වෙනුවෙන් සියලු පොලිස් කොට්ඨාසවල ත්‍රීරෝද රථ මගින් මෙම දුරකථන අංකය ඇතුළත් ස්ටිකරය අද සිට ප්‍රචාරය කෙරෙනු ඇති.

මෙම දුරකථන අංකයට ඇමතුම් ලබාදෙන කිසිම පුද්ගලයෙකුගේ දුරකථන අංක සහ තොරතුරු අනාවරණය නොවන ආකාරයට මෙම දුරකථන අංකය ලබා දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.