නැවත දැනුම් දෙන තුරු ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
සේවා අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන 2024 ජනවාරි 02දා සිට නැවත දැනුම් දෙන තුරු මෙම නිවාඩු අවලංගු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එසේ වුවත් අත්‍යාවශ්‍ය හදිසි අවස්ථාවලදී අදාළ ශාඛාවට/ අංශයට අනුයුක්ත පළමු පංතියේ හෝ ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය මත පමණක් සේවකයින් හට නිවාඩු ලබා ගත හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

