මේ වන විට ‘රිමාන්ඩ් බන්ධනාගාර’ ගත කර සිටින ‘විශ්ව බුද්ධ’ ගැන පසුගිය සමයේ අතිශය කතාබහට ලක්වුණා ඔබට අමතක නැතුව ඇති.
‘ටික්ටොක්’ මාධ්‍ය අරක් ගත් ‘විශ්ව බුද්ධ’ විටෙක සිවුර පොරවමින් ද තවත් විටෙක ‘ඩෙනිම් සූට්’ ඇඟලාගෙන ද එයිනුත් නොනැවතී ‘හැඳි සිවුර’ සුනඛයන්ට පොරවින්ම ද, ‘සුරූපී ළඳුන්’ පිරිවරාගෙන ද ‘සමාජ මාධ්‍ය අවකාශයේ’ ආධිපත්‍යය පතුරවන්නට වුණා.
‘හැකිනම් හිරේ දමපල්ලා’ යනුවෙන් ‘අභියෝග’ කෙරූ උන්වහන්සේගේ ‘කෙරුවාවල්’ ඉවසා වදාරා ගත නොහැකි තැන බොහෝ පිරිස් උන්වහන්සේට එදිරි ‘පැමිණිලි’ ඉදිරිපත් කොට තිබුණා.
අවසානයේ ‘අත්අඩංගුවට’ පත් වූ ‘විශ්ව බුද්ධ’ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ‘නියෝග’ කෙරූ අතර, උන්වහන්සේ ගැන තොරතුරු ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබුණා.
‘විශ්ව බුද්ධ’ට විදෙස් ගිණුම් දෙකකින් ‘මුදල් පොම්ප’ වන බැව් ද හෙළි වූ අතර, උන්වහන්සේ සම්බන්ධයෙන් ‘ඩුබායි සුද්දා’ ද ‘චමුදිත සමරවික්‍රම’ හා සාකච්ඡාවකට එක්වෙමින් කරුණු අනාවරණය කළා.
කෙසේ හෝ වේවා, මේ වන විට බන්ධනාගාර ගතව සිටින ‘විශ්ව බුද්ධ’ බන්ධානාගරය තුළ සිට සිදු කරන ‘අකටයුතුකම්’ කිහිපයක් ගැන තොරතුරු අද ‘දිනමිණ’ පුවත්පත වාර්තා කර තිබෙනවා.
‘විශ්ව බුද්ධ’ බන්ධනාගාරයේ සිට ‘දුරකතනයක්’ භාවිතා කරමින් ‘සාක්ෂිකරුවන්’ කිහිප දෙනෙකුට තර්ජනය කර ඇති බැව් එහි ආසන්නතම පුවතයි.
මේ සම්බන්ධයෙන් ‘කෙසෙල්වත්ත’ පොලිසියට ද පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
මොහු ඔ්ස්ට්‍රේලියානු ජාතික කාන්තාවකගේ ‘විදෙස් ගමන් බලපත්‍රය’ ඉදිරිපත් කරමින් ලබාගත් ‘සිම් කාඩ්පතක්’ ඔස්සෙ සමාජ මාධ්‍ය ගිණුම සකස් කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නෙ.
‘විශ්ව බුද්ධ’ගේ පෞද්ගලික ගිණුමක රුපියල් ‘ලක්ෂ 25ක’ මුදලක් තැන්පත් වී ඇති බවට ද තොරතුරු අනාවරණය වනවා.
මෙම සිද්ධියෙන් සම්බන්ධයෙන් මේ වන විට 17 දෙනෙකුට ‘වැඩි පිරිසක්’ සාක්ෂි ලබා දී තිබෙනවා. (මොහු කිසියම් සංවිධානයක් සමඟ එක්ව මෙම අකටයුතුකම් සිදු කරන බවටයි තොරතුරු හෙළි පෙහෙළි වී ඇත්තේ…)
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ‘අධිකරණය’ හමුවේ ද සඳහන් කර තිබුණා.
සැකකාර ‘විශ්ව බුද්ධ’ 2019 වසරේ දී ‘උපසම්පදා’ වූ භික්ෂුන් වහන්සේ නමක් බැව් ද සඳහන්.
මොහු සමඟ මේ ‘අකටයුත්ත’ට සම්බන්ධ තවත් ‘සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්’ කිහිප දෙනෙක් ගැන ද තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු එක් රැස් කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
‘සැකකාර හිමියන්’ වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම පෙනී ඉන්නවා. ඔහු අධිකරණයේ දැක්වූ අදහස් පහතින්.
‘ස්වාමිනී.. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන ආකාරයෙන් මගේ සේවාදායකයාගේ ගිණුමට සල්ලි එන්නෙ නෑ. ඒක වෙන්නෙ යූටියුබ් වල චැනල් හදාගත්තොත් ඒවාට එන සල්ලිවලින්. එහෙම නැතුව ඔය කියන දේවල් වෙන්නෙ නෑ. යම් කෙනෙක් මූල්‍යාධාර දෙනවා නම් ඒකට දොස් කියන්නත් බෑ. අනික ඔය කොච්චර හාමුදුරුවරුන්ට බෙන්ස් කාර් හම්බෙනවද? ඒවා ගැන මොවුන් හොයා බලනවද? නැහැනේ… මේ අය නීතිය ක්‍රියාත්මක කරන්නෙ තෝරාගත් අයට විතරයි…’

