Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලක්ෂ 6ක වැටුපකට මෙරට 20,000කට ඊශ්‍රායලයේ රැකියා ලැබෙන ලකුණු

3 years ago

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකිකයන් 20,000 කට රැකියා අවස්ථා සඳහා වන පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය සාකච්ඡා කර තිබෙනවා.

ඊශ්‍රායලයේ ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අතර අඟහරුවාදා ( 02) පැවති සාකච්ඡාවකදී මෙසේ සකච්ඡා වී තිබෙනවා.

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඊශ්‍රායල ඉදිකිරීම්කරුවන්ගේ සංගමය සමඟ එක්ව සිදුකරන පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බවයි.

එසේම ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා බඳවා ගත් ශ්‍රී ලාංකිකයන් තිස් දෙනෙකුගෙන් යුත් (30) පළමු කණ්ඩායම 2023 දෙසැම්බර් මාසයේදී ඊශ්‍රායලය වෙත පිටත් කළ බවත් විදේශ රැකියා අමාත්‍යාංශයට අනුව ඉදිරි රැකියා සඳහා තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊශ්‍රායලයට යැවීමට නියමිත බවත් සඳහන්.