කොටහේන ශාන්ත මරියා විද්‍යාලයේ පැවති පාසල් නිවාඩු කාලය තුළ ක්‍රියාත්මක ‘නිවාඩුවට අරුතක්’ වැඩසටහන අතරතුර පන්තියක ඉගැන්වීම් සිදු කළ ගුරුවරයෙකු අද (05) මියගොස් තිබෙනවා.
එල්.එම්.එස්.ඩී.කුමාර නමැති මෙම ගුරුවරයා අද දින පෙරවරු 8 සිට පස්වරු 1 වන තෙක් පාසලේ ගණිත පන්තියක ඉගැන්වීම් කටයුතු සිදු කර ඇති අතර, ඉගැන්වීම් කටයුතු අවසන් කර පාසලෙන් පිටව යාමට සූදානම් වන අවස්ථාවේදී හට ගත් කිසියම් අපහසුතාවයකින් අනතුරුව ඔහු එම ස්ථානයේදීම මිය ගොස් තිබුණා.
කෙසේවෙතත්, අදාළ ගුරුවරයා මිය යෑමෙන් පැය කිහිපයක් ගත වන තුරුත් ඔහුගේ සිරුර රැගෙන යාමට කිසිදු පාර්ශවයක් විසින් පියවර ගෙන නොමැති බවද වාර්තා වෙනවා.
පාසල් නිවාඩු කාලය තුළ ‘නිවාඩුවට අරුතක්’ නමින් ක්‍රියාත්මක කෙරෙන අ.පො.ස. (සා.පෙළ) කඩිනම් ප්‍රතිඵල සංවර්ධන වැඩසටහනකට අනුව සිසුන්ට පන්ති පැවැත්වීම සඳහා කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් පාසල් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ නිවාඩුවට අරුතක් යනුවෙන් පවසා නිවාඩු කාලය තුළ පාසලට සිසුන් ගෙන්වා ගෙන මෙලෙස පන්ති පැවැත්වීම අදූරදර්ශී මෙන්ම ඉතා අනාරක්ෂිත ක්‍රියාවක් බවයි. (news19)

