යුක්‍රේන යුද්ධයේදී රුසියාව වෙනුවෙන් සටන් කිරීමට එක් වන විදේශිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට රුසියානු පුරවැසිභාවය ලබා දීමට නියෝගයක් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් නිකුත් කර ඇතැයි වාර්තා වෙනවා.
මෙහිදී සටන් සඳහා එක්වීමට කැමැති විදේශිකයන් හා කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹෙන අතර අදාළ පුද්ගලයාට, ඔහුගේ බිරිඳට සහ දරුවන්ට මෙන්ම දෙමාපියන්ට රුසියානු පුරවැසිභාවය ලැබෙනු ඇති.
මෙසේ කොන්ත්‍රාත්තුවට එළඹෙන විදේශිකයන් අවම වශයෙන් වසරක් සටන් බිමේ රැඳිය යුතු බවයි වාර්තා වන්නේ.
එසේම මෙලෙස එක්වන විදේශිකයන් සඳහා විශාල වැටුපක් ගෙවන බවද රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.

