Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ‘ජල්ලිකට්ටු’ තරගාවලියක්! නැරඹීමට ඔබටත් අවස්ථාවක්!

3 years ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ගොන් පොර තරගාවලියක් නැගෙනහිර පළාතේ සංවිධාන කර තිබෙනවා.

ඒ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

එය අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළ සම්භූර් ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

තමිල්නාඩුව හැර දෙමළ ජනතා ජීවත් වන ප්‍රදේශයක ජල්ලිකට්ටු හෙවත් ගොන් පොර සංවිධාන කළ ප්‍රථම අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.

මෙම උත්සවයට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස මැලේසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩට්ටු ශ්‍රී මුරුගන්, ජල්ලිකට්ටු ආරක්ෂා කිරීමේ සංගමයේ සභාපති ඔන්ඩිරාජ්, ලේකම් රාජා යන අය ද පැමිණ සිටින බව සඳහන්.