ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඉදිරියේ දී ගනු ලබන ක්‍රියාමාර්ගවලට අදාළ රෙගුලාසි ජනවාරි මස 31 වනදාට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ව්‍යවස්ථා සභාවට ලබා දී ඇති උපදෙස් අනුවයි.
අදාළ රෙගුලාසි මේ වනවිට ගැසට් පත්‍රයක් ලෙස මුද්‍රණය කර ඇති බවයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ.
ඉදිරියේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කිරීම් සිදු කරන්නේ කෙසේ ද, ඊට අදාළ නිර්ණායක කවරේ ද යන කරුණු ඊට ඇතුළත් කර ඇති බව සඳහන්.
මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දිය යුතු ඉදිරි ණය වාරික ලබා දීම සඳහා මෙම කොන්දේසිය මෙම මස අවසන් වීමට පෙර ඉටු කළ යුතුයි.
ඒ අනුව ඉතා කඩිනමින් මෙම රෙගුලාසිවලට අදාළ ගැසට්ටුව සකස් කර නීතිපතිවරයාගෙන් අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කෙරෙනවා.
ඉන් අනතුරුව එය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ව්‍යවස්ථා සභාවේ සිවිල් සන්ධාන නියෝජනය කරන සාමාජිකයන් තිදෙනා මෙම රෙගුලාසි අනුමත කර නොමැති වීම ගැටලුවකි.

