Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විභාග වංචා වැළැක්වීමට උසස් පෙළ විභාග මධ්‍යස්ථාන සඳහා අතිරේක ශාලාධිපතිවරුන් යෙදවීමට තීරණයක්

3 years ago

හඳුනාගත් උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙත අතිරේක ශාලාධිපතිවරුන් යොමු කළ බව, විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සඳහන් කළේ, විභාග වංචා වැළැක්වීමේ අරමුණින් එම පියවර ගත් බවයි.

උසස් පෙළ විභාගය ආශ්‍රිතව මෙතෙක් කිසිදු විභාග අක්‍රමිකතාවක් වාර්තා වී නොමැති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර, ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් සිසුන් සඳහා ගල්කිරියාගම සහ මනම්පිටියේ විශේෂ විභාග මධ්‍යස්ථාන දෙකක් තවදුරටත් ක්‍රියාත්මක වනවා.