Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාවේ අභිමානය ලොවට පෙන්වීමට නිදහස් උළෙල මෙවරත් පැවැත්වීමට තීරණයක් ! වියදම් කරන මුදලෙහි වටිනාකම මෙන්න!

3 years ago

පෙබරවාරි මස 04 වැනිදා පැවැත්වීමට නියමිත 76 වැනි ජාතික නිදහස් දින උත්සවය සඳහා රුපියල් මිලියන 200ක පමණ මුදලක් වැය වන බවට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ගණන් බලා තිබෙනවා.

ඉකුත් වසරේ (2023) පැවැති 75 වැනි ජාතික නිදහස් දින උත්සවය සඳහා රුපියල් කෝටි 37ක මුදලක් වැය කර තිබෙන බවට වාර්තා වනවා.

මෙවර 76 වැනි ජාතික නිදහස් දින උත්සවය ගාලු මුවදොරදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම ජාතික නිදහස් දින උත්සවය සඳහා සංස්කෘතික අංග එකතු කරනවාද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තීරණයකට එළැඹ නැති බවට තොරතුරු අනාවරණය වනවා.

ඉකුත් වසරේ (2023) පැවැති ජාතික නිදහස් දින උත්සවයට ආරාධිතයන් 3500ක් කැඳවා තිබුණද මෙවර 76 වැනි ජාතික නිදහස් දින උත්සවය සඳහා එම සංඛ්‍යාව 1000කින් අඩුකර තිබෙන බවත් මෙවර උත්සවය සඳහා ආරාධිතයන් 2500ක් පමණක් කැඳවීමට නියමිත බවත් සඳහන්.