යාපනයේ පදිංචි දන්ත වෛද්‍යවරියක් නෝර්වේ එල්වෙරුම් ප්‍රදේශයේ දී පසුගිය අඟහරුවාදා (02) රෝහලක් අසලදී වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාව මත ඇගේ පැරණි පෙම්වතා නෝර්වේ පොලීසිය විසින් ඊයේ (06) අත් අඩංගුවට ගෙන තිබේ.
වෙඩි තබා ඝාතනය කර තිබුණේ, වරදරාජන් රාඝවි නැමති 30 හැවිරිදි දන්ත වෛද්‍යවරියකි.
ඇගේ පැරණි පෙම්වතා වූ නෝර්වේ ජාතිකයෙකුගෙන් විවිධ හිරිහැවලට ලක්වන බවට නෝර්වේ පොලීසිය වෙත ඇය පැමිණිලි කීපයක්ම මීට පෙර ඉදිරිපත් කර ඇත.
එල්වෙරුම්හි ජීවත් වූ ඇය තම පවුලේ සාමාජිකයෙකු බැලීම සඳහා ප්‍රාදේශීය රෝහලකට යන අවස්ථාවේ දී රෝහලෙන් පිටත ඇගේ මෝටර් රථය තුළ ඇයට වෙඩි තබා ඝාතනය කර තිබිණි.
ඇගේ හිටපු පෙම්වතා ද මෝටර් රථය තුළ බරපතල තුවාල ලැබ සිටි අතර පසුව නෝර්වේ ඔස්ලෝහි පිහිටි විශාලතම රෝහල වෙත ගුවන් මගින් ඇය රැගෙන යාමෙන් පසු පසුගිය අඟහරුවාදා (02) මිය ගියාය.

