ත්‍රීරෝද රථයක ගමන්කරමින් සිටි කාන්තාවක් එහි රිදුරුගේ ගෙල තද කර රථය පැහැර ගැනීමට උත්සාහ කර තිබේ.ඒ ගොඩකවෙල රන්වල ප්‍රදේශයේ දී ය.
ප්‍රදේශවාසීන් විසින් එම කාන්තාව අල්ලා පොලීසියට භාර දී ඇති අතර, ඇය තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහී වී සිටින අයෙකු බවයි, පොලීසිය සඳහන් කළේ.
පසුගිය 05 වනදා පස්වරුවේ රත්නපුර, ගොඩකවෙල නගරයේ දී කාන්තාවක් ත්‍රීරෝද රථයකට ගොඩ වී ඇත්තේ, ගොඩකවෙල රන්වල ප්‍රදේශයට යාමට අවශ්‍ය බව පවසමිනි.
අනතුරුව ත්‍රීරෝද රථය මද දුරක් ධාවයන වූ පසු ඇය එහි රියදුරාගේ ගෙල තද කර ලේන්සුවකින් මුහුණ ආවරණය කිරීමට උත්සාහ කර තිබේ.
එම අවස්ථාවේ දී රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වී මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක ගැටී පෙරළී ගොස් ඇත. එම අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් පැමිණ සිද්ධිය පිළිබඳ විමසීමෙන් පසු අදාළ කාන්තාව අල්ලා ගොඩකවෙල පොලිසියට භාර දී තිබේ.
අනතුරු ව පොලිසිය සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, එම කාන්තාව ගොඩකවෙල රන්වල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එක්දරු මවක් වන අතර, ඇය තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවයි. එමෙන්ම මෙම කාන්තාව ත්‍රීරෝද රථය පැහැර ගැනීමේ අරමුණින් මෙලෙස රියදුරාගේ ගෙල තද කළ බව පොලීසියට පවසා තිබේ.
