රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන හරින් ප්‍රනාන්දු මහතාගේ සහෝදරියකගේ නිවසට ඇතුළු වී සොරකමේ නිරත වූ බව කියන පුද්ගලයෙකු වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකේ.
සැකකරු දින 3ක් එම නිවසට ඇතුළුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
පසුගිය 03 වනදා අවසන් වරට නිවසට ඇතුළුවී ඇති සැකකරු විසින් එම නිවසේ තිබූ ස්වර්ණාභරණ, දියමන්ති, මැණික් යොදා සකස් කර තිබූ මුදු මෙලෙස සොරකම් කර ඇති බව පොලීසිය පවසනවා.
සොරකම් කර ඇති භාණ්ඩවල වටිනාකම රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂ හතලිස් පන්දහසක් පමණ වන බව අනාවරණය වී තිබෙනවා.
පොලීසිය පවසන්නේ එදින අලුයම 1ත් 4ත් අතර කාලයේදී නිවැසියන් නිදා සිටි අතරතුරදී මෙම සොරකම සිදුකර ඇති බවයි.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලීසිය විසින් පෑලියගොඩ ඔලියමුල්ල ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී එලෙස සොරකම් කළ භාණ්ඩ සහ සැකකරුගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සහ සැකකාරියන් හෙට (08) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

