බංග්ලාදේශ මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකර ගත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන් විසින් තම රසිකයෙකුට කම්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එම සිදුවීම මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට හේතුවී ඇත්තේ මහ මැතිවරණයෙන් ජය ලබා පැය 24ක් යන්නට මත්තෙන් ශකීබ් මේ ආකාරයෙන් හැසිරීම නිසාවෙනි.
ශකිබ් අල් හසන් එම පුද්ගලයාට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ.
කෙසේ වෙතත් මෙම අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ශකිබ් අල් හසන් තවමත් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

