Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රකට හිමිනමක් ජනපති ඡන්දයට සූදානම් වෙයි

3 years ago

රටේ තිබෙන දේශපාලන පක්ෂවලට පැවැත්මක් හෝ දැක්මක් නැහැ. එබැවින් ඉදිරියේදී එක රටක්, එක නීතියක්, එක ව්‍යවස්ථාවක් යටතේ රට පවත්වාගෙන යෑමට කටයුතු කරන බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියෝ කියා සිටියහ.

“රට හදන මග යළි අරඹමු මිහින්තලාවෙන්“ වැඩසටහන ආරම්භ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ. මෙම වැඩසටහන සඳහා සිවිල් සංවිධාන රැසක සාමාජිකයන් මිහින්තලයට පැමිණ සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මරතන හිමි කියා සිටියේ රටේ සුබසිද්ධිය වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට සේම ජනාධිපතිවරණයට ද සූදානම් බවයි.

“එක දේශපාලන පක්ෂයකින්, එක ලකුණකින් ලංකාව පුරා විවිධ වෘත්තිකයන් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. අලුතින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමක් සිදු කරන්නේ නැහැ. දේශපාලන පක්ෂ ගණනාවක් මේ වනවිටත් මා ඇතුළු පිරිසට පූජා කර තිබෙනවා. ජලය,විදුලිය සහ බදු යන සියලු කාරණාවලට අප ළඟ විසඳුම් තිබෙනවා. උද්ධච්ච දරදඬු පාලකයන්ට තවදුරටත් රැඳෙන්නට ඉඩදිය නොහැකියි. එම සියලු දෙනාම “ගෝ හෝම්“ නොව “ගෝ ජේල්“ විය යුතුයි. හොරකම් කළ දේශපාලකයන් සියලු දෙනාම සිරගත කරනවා.ඒවාගේම දේශපාලනඥයන් දේපොළ සොයාගත් ආකාරය රටට අනාවරණය කළයුතු” යැයි ද උන්වහන්සේ පැවසූහ.