Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලිබිල සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමෙන් නිවේදනයක්

3 years ago

විදුලි ගාස්තු සංශෝධන‍ය සම්බන්ධයෙන් යෝජනාවක් තම කොමිසම වෙත අනුමැතිය සදහා බාර දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම මේ බව සඳහන් කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ එවැනි යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාරදී ඇති බවට ඇතැම් වාර්තා පළ වී තිබුණද අද (08) දක්වා එවැනි යෝජනාවක් තම කොමිසම වෙත ලැබී නොමැති බවය.