Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට දකුණු අප්‍රිකාවෙන් කැඳවීමක්

3 years ago

දකුණු අප්‍රිකානු ෆ්‍රැන්චයිස් ලීගයක් වන ‘එස්. ඒ’පන්දුවාර 20 තරගාවලියේ ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ ක්‍රීඩක නුවන් තුෂාරව මුම්බායි ඉන්දියන්ස් හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක කණ්ඩායමක් වන ‘එම්. අයි. කේප්ටවුන්’ කණ්ඩායම මිලදී ගෙන ඇත.

කෙසේ වෙතත් මේ දිනවල ක්‍රියාත්මකවන සිම්බාබ්වේ තරගාවලිය සහ ඉන් අනතුරුව ආරම්භ වන ඇෆ්ගනිස්තාන තරගාවලිය හේතුවෙන් නුවන් තුෂාරට තරගාවලියේ තරග කීපයක් මග හැරෙනු ඇති බවත් වාර්තා වේ.

එස්. ඒ 20 තරගාවලිය හෙට (10 වැනිදා) ආරම්භ වීමට නියමිත අතර තරගාවලිය පෙබරවාරි මස 10 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.