Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරටට පාසල් සිසුන්ගේ පිහිටට චීනය පැමිණෙයි

3 years ago

තමාගේ ඍජු මැදිහත්වීමෙන් මෙරට පාසල් නිල ඇඳුම් සඳහා මෙවරද චීනයේ අනුග්‍රාහකත්වය ලබාගැනීමටම හැකි වු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

ඒ අනුව මෙරට පාසල් නිළ ඇඳුම් අවශ්‍යතාවෙන් 80%ක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමිවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති පිරිවෙන් නව පරිවේණාචාර්ය පත්වීම් ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින්.

2023 වර්ෂය පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා ගත් අතර මෙවර එය 80% දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වී තිබෙනවා.

පාසල් පෙළ පොත්, දිවා ආහාර වැනි අනෙකුත් අවශ්‍යතා ද එවැනි ප්‍රතිපාදන හා අනුග්‍රහ ඔස්සේ සිසු දරු දැරියන් අතට නිසි කලට ලබාදීමට පෙර වර්ෂයේ දී ක්‍රියා කළ බවයි සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ කළේ.

පසුගිය වර්ෂයේ මෙන් ඉන්දියානු ණය ආධාර වෙත යොමු නොවී වසරක කාලයක් තුළ අදාළ රාජ්‍යායතන ශක්තිමත් කර රජයේ අරමුදලින් පමණක් සියලු‍ පෙළ පොත් මුද්‍රණය කිරීමට ක්‍රියා කළ බව ඒ මහතා පෙන්වා දුන්නා.