ඉන්දියාවේ ජනප්‍රිය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනියක් වන Suchana Seth නම් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඇය සිය වයස අවුරුදු 04ක දරුවා ඝාතනය කිරීම හේතුවෙන්.
අදාළ කාන්තාව දරුවාගේ මළසිරුර බෑගයක දමා කැබ් රථයකින් පලා යාමට උත්සාහ කරමින් සිටියදී ඇයව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇය හා ඇගේ සැමියා අතර ඇති වූ විරසකයක් මෙම ඝාතනයට හේතු විය හැකි බවට සඳහන්.

