Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලුම රජයේ කාර්යාල වෙත දැනුම්දීමක්

3 years ago

දිවයිනේ සියලුම රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතන පිරිසිදු කිරීම සඳහා අද (10) දිනය යොදා ගෙන ඇති බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ඩෙංගු රෝගය ව්‍යාප්තිය වැළැක්වීම අරමුණු කරගනිමින් තෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක් පසුගිය ඉරිදා සිට ආරම්භ කළ බවය.

සියලුම ආයතන ප්‍රධානීන් තම තමන්ගේ ආයතන පිරිසිදු කිරීමේ කටයුතු සහ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ කටයුතුවල නිරතවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද වෛද්‍ය චන්දන ගජනායක මහතා පැවසීය.

එම කටයුත්ත සඳහා යම් සහයෝගයක් අවශ්‍ය වන්නේ නම් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් උපකාරයක් ලබාගත හැකි බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.