රජය මඟින් හඳුන්වා දුන් බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය අනිවාර්යෙන් ලබාගත යුතු කාලය කල්දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.
TIN අංකය නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම සහ සම්පත් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බව අදාළ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
ඒ අනුව, බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය වයස 18 ට වැඩි සියලුම පුරවැසියන් ජනවාරි මස 1 වැනිදා සිට අනිවාර්යෙන් ලබාගත යුතු බවට රජය නිවේදනය කර තිබුණ අතර මෙම ගැටලු හේතුවෙන් එය අප්‍රේල් මස දක්වා කල්දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
කෙසේවෙතත්, එම කල්දැමීම සිදුකළ ද පුරවැසියන්ට TIN අංකය ඉල්ලුම් කිරීමට අප්‍රේල් මස වන තෙක් නොසිට ඕනෑම අවස්ථාවක එය ලබාගත හැකි බවද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
නමුත් රජය මේ සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නොමැත.

