Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෞඛ්‍ය වර්ජනය මැද බදුල්ල මහ රෝහලට හමුදාව කැඳවයි

3 years ago

සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් එක්ව දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වනවිට දිවයිනේ බොහෝ රෝහල්වල දෛනික වැඩකටයුතු අඬපණ වී තිබේ.

මේ හේතුවෙන් බදුල්ල මහ රෝහලේ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා යුද හමුදාව කැඳවා ඇති බවය.

වෛද්‍යවරුන්ගේ, හෙදියන්ගේ සේවය හා ඖෂධ නිකුත් කිරීම යනාදිය සාමාන්‍ය පරිදි සිදුකෙරුණු බව ද වාර්තා වේ.

අප කළ විමසීමක දී රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසා සිටියේ, රෝහලේ කණිෂ්ඨ සේවක මණ්ඩලය රාත්‍රී සේවා මුරය අවසන් කර පිටව ගොස් ඇති බවත් සෙසු පිරිස රාජකාරියට වාර්තා කර නොමැති බවත්ය.

එසේ වුවත් හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව සිදුවන බව ද පැවසු වෛද්‍යවරයා, වෛද්‍යවරු සියලුදෙනා පැය 24 සේවය සඳහා යොදවා ඇති බවත් පැවසීය.