Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලිය කපපු විදුලි සේවකයින්ව කාන්තාවක් නිවසේ සිර කරගෙන ඉඳලා

3 years ago

විදුලි විසන්ධි කිරීමට පැමිණි සේවකයින් දෙදෙනෙකු සිරකර විදුලි සැපයුම ලබාගැනීමට උත්සාහ කළ හමුදා මේජර්වරයෙකුගේ බිරිඳක් සහ මේජර්වරයාගේ මිතුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේජර්වරයා, බිරිඳ සහ ඇයගේ මව පදිංචි මෙම ඉඩමෙහි මේජර්වරයාගේ බිරිඳගේ සහෝදරියකගේද නිවස පිහිටා ඇති අතර ඇය ජපානයේ පදිංචිව සිටින බව වාර්තා වෙනවා.

විදුලිය විසන්ධි කිරීමට පැමිණි සේවකයින් යාබද පිහිටි සහෝදරියගේ නිවසෙහි විදුලිය විසන්ධි කර ඇති අතර එහිදී ජපානයේ සිටින ඇයගේ සහෝදරිය විසින් සඳහන් කර ඇත්තේ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ බිල ගෙවා ඇති බවයි.

පොලීසිය සඳහන් කළේ එහි රිසිට්පත මේජර්වරයාගේ බිරිඳ විසින් දුරකථනයෙන් සේවකයින් දෙදෙනාට පෙන්වීමට උත්සාහ කළත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

අදාළ සිදුවීමෙන් උරණ වූ මේජර්වරයාගේ බිරිඳ ගේට්ටුව වසා දමා, නිවසේ ඇති කරන බල්ලා ලිහා දමන බවට තර්ජනය කර විසන්ධි කළ විදුලි සැපයුම යළිත් ලබාදෙන ලෙස ඉල්ලා සිට ඇති බවද සඳහන්.

අනතුරුව, ඇය මේජර්වරයාගේ මිතුරෙකුට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුද එම ස්ථානයට ගෙන්වා ගෙන ඇති අතර, ඔහු සිය ජීප් රථය විදුලි සේවකයින් පැමිණි වෑන් රථයට අවහිර වන සේ නතර කර තිබෙනවා.

වෑන් රථයේ සිටි විදුලි සේවකයෙක් මේ බව කාර්යාලයට දැනුම් දී ඇති අතර, ඔවුන් මොරොන්තුඩුව පොලිසියට කළ දැනුම්දීමකින් පසු පොලිස් නිලධාරීන් පිරිසක් නිවස වෙත පැමිණ තිබුණා.

ඒ අනුව, අදාළ නිවසට ඇතුළු වූ පොලිස් නිලධාරීන් විසින් පැය දෙකකට පමණ පසු සේවකයින් දෙදෙනා බේරා ගෙන ඇති බව පොලීසිය තවදුරටත් සඳහන් කළා.