පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සහ සේවක සේවිකාවන්ගේ ආහාර පාන සඳහා යන වියදම දෙගුණයකින් පමණ ඉහළ ගොස් ගොස් තිබෙනවා.
එහි ආරංචි මාර්ග සඳහන් කළේ, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම ඊට හේතුව වී ඇති බවයි.
මේ හේතුවෙන් ආහාර සැපයීම බරපතල අභියෝගයක් වී ඇති බව සඳහන්. පාර්ලිමේන්තුවේ ආහාර පාන සඳහා රජය විශාල වියදමක් දැරුව ද, මන්ත්‍රීවරුන්ගෙන් සහ සේවකයන්ගෙන් අය කරනු ලබන්නේ ඉතා සුළු මුදලක් බව සඳහන්.
ඔවුන්ගෙන් මාසිකව රුපියල් 1000ක මුදලක් පමණක් අය කරගැනීමට කටයුතු කරන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙරට පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුවේ ආහාර වේල් යම් ප්‍රමාණයකින් සීමා කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පාර්ලිමේන්තුවට අවශ්‍ය එළවළු සපයා ගැනීමේ අපහසුතාවක් පවතින බැවින් ඉදිරියේ දී ආහාර වේල් සඳහා ලබා දෙන එළවළු ප්‍රමාණය අඩු කිරීමට සිදු වනු ඇති බවයි එහි නිලධාරියෙක් කියා සිටියේ.

