Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රංගන ශිල්පි මහින්ද කොඩිතුවක්කුගේ පැටිකිරිය එළියට

3 years ago

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නම් පුද්ගලයා සම්බන්ධව පරික්ෂණයක් ආරම්භ කරන්නැයි ඉල්ලා බොද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

ඒ් අනුව මේ සම්බන්ධව විමර්ශන නිලධාරින් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සදහන් කළේ,

“ස්වාමිනි, ඊජිප්තුවේ වසර 12කට වැඩි කාලයක් රැඳී සිට ඇති අවලෝකිතේශ්වර නාමයෙන් හඳුන්වන මෙම තැනැත්තාගේ සැබෑ නම මහින්ද කොඩිතුවක්කු. මොහු ඉකුත් ජනවාරි 01 වැනිදා දිවයිනට පැමිණ පළමුව කැලණිය රජමහා විහාරයට ගොස් තිබුණා. දැන් තැනින් තැන නිවාසවලට යමින් දේශන පවත්වනවා.

මොහුගේ ක්‍රියාකලාපය ගැන පරීක්ෂණයක් කරන්නැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව 04ක් පැමිණිලි කර තිබෙනවා. ඒ මතයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බුදුදහමට ප්‍රමුඛස්ථානය දීලා තියෙන වටපිටාවකයි ජෙරම් සහ මෙවැනි අය බුදුදහමට පහර ගහන්නේ.

මොහු පවත්වාගෙන යන YOUTUBE නාලිකාවේ දේශනවල තියෙන්නේ ශරීරයට ගිනි තියාගෙන බුදුන්ට පූජා කරන්න කියලා. ඒක හරියට අර පසුගිය දිනවල රුවන් ප්‍රසංග නැමැත්තෙක් සයිනයිඩ් කා සියදිවි නසාගන්න කියා දේශන පැවැත්වුවාට සමානයි. මොවුන් සේරම මානසික රෝගින්. ඒ වගේම ස්වාමිනි මොහුගෙන් නීතිපතිවරයාට පවා පරිස්සම් වෙන්න වෙනවා. මොකද මොහු කියනවා නඩුහබ තියනවානම් අරගෙන එන්න විසඳනවා කියලා.

මොහු හිතාගෙන ඉන්නේ තෙවැනි විනිසුරුවෙක් කියලා. මෙම තැනැත්තා බුද්ධ චරිතය තුළ විශේෂ තැනක් හිමි යශෝධරා දේවියට “ඒ ගෑනිගේ කාලකණ්ණිකම” යනුවෙන් පවසා තිබෙනවා. යශෝධරා දේවියට මන්ද මානසිකයෙක් කියලාත් කියලා තියෙනවා. කොහොමද ස්වාමිනි මේ වගේ මන්ද මානසිකයෙක් තවත් කෙනෙක්ට මන්ද මානසිකයෙක් කියන්නේ.

මොහු තනිකරම රංගන ශිල්පියෙක්. ගමන් කරන්නෙ ලිමොසින් වර්ගයේ මෝටර් රථයක. කැලණිය රජමහා විහාරයේ මොහු එතැන සිටි පිරිසට හඳුන්වාදෙන්නේ බඩල්කුඹුර පොලීසියේ පුන්‍යසිරි නැමැති සාජන්වරයෙක්. එතැන සිටි සිල්මෑණි කෙනෙක් කියනවා රුපියල් 10,000ක් දීලයි ගෙන්වාගත්තේ කියලා.

එබැවින් ස්වාමිනි මොහුගේ යට ඉන්නේ කවුද කියලා විමර්ශනය කළ යුතුයි. මොහු සිය දේශනයක කියනවා තමන්ගේම දුවට අතවර කරලා අභිනිෂ්ක්‍රමණය වුණා කියලා. එයම ඇති ස්වාමිනි ළමා අපයෝජන චෝදනාව යටතේ මොහු අත්අඩංගුවට ගන්න.”