Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ ප්‍රශ්න පත්‍රය පිට කළ සිද්ධියට කාර්යාල කාර්ය සහයකවරයෙකු අත්අඩංගුවට! සැකකරු ප්‍රශ්න පත්‍රය සිසුවෙකුට විකුණලා!

3 years ago

මෙවර පැවැති උසස් පෙළ විභාගයට අදාල කෘෂි කර්ම ප්‍රශ්න පත්‍රය සොරාගෙන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව ප්‍රදේශයේ විද්‍යාලයක කාර්යාල කාර්ය සහායකවරයක් අද (15) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවන කාර්යාල කාර්ය සහායකයෙකු බවයි.

සැකකරු මොරටුව ප්‍රදේශයේ පාසලක විභාග ශාලාධිපතිවරයෙකුගේ, කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වී ඇත.

සැකකරු කෘෂි කර්ම ප්‍රශ්න පත්‍ර සිසුවකුට මුදලට විකුණා ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් නිරීක්ෂණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව වැඩිදුරටත් පැවසීය.