Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගනී

3 years ago

රත්තොට – ගම්මඩුව ප්‍රදේශයේ දී විදුලි සැර වැදී පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ,එම ප්‍රදේශයේ පාසලක තැඹිලි ගසලකට නැඟ තැඹිලි කැඩීමට උත්සහ කළ පාසල් සිසුවෙකු මෙලෙස මියගොස් ඇති බව, පොලීසිය ප්‍රකාශ කළා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ සිසුවා තැඹිලි කැඩීමට යාමේදී තවත් සිසුවෙකු විසින් ඔහුට ලබාදුන් උණ ගසක් අධි බලැති විදුලි රැහැනක ගැටී මෙලෙස විදුලි සැර වැදී ඇති බවයි.

මියගොස් ඇත්තේ 16 හැවිරිදි ගම්මඩුව කළුගල්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකු බව සඳහන්ය.