Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිතාසියක් බාරදෙන්න ගිය පොලිස් කොස්තාපල්ට හොඳටම තඩි බාලා

3 years ago

සිතාසියක් භාර දීම හෝමාගම පනාගොඩ කෙරේමුල්ල ප්‍රදේශයේ නිවසකට නිළ ඇදුමින් සැරසී ගිය අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බව කියන යුද හමුදා සාමාජිකයෙකු ඇතුලු කාන්තාවක් අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි

ළමා ආරක්ෂක අධිකාරියේ නඩුවක් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ සිතාසියක් භාර දීම සදහා අදාල නිළධාරීයා එම නිවසට ගිය අවස්ථාවේදී පහර දුන් දෙදෙනා මත්පැන් පානය කරමින් සිට ඇතැයිද පොලිසිය පවසයි

අදාල සිතාසිය භාර දීමට තොරතුරු විමසූ අවස්ථාවේදී පොලිස් නිළධාරීයාට පරුෂ වචනයෙන් බැණ වැදී එම නිළධාරීයාට පහරදීමක් සිදු කර ඇතැයි ද ඒ හේතුවෙන් අදාල නිළධාරීයා අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.