Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මව ඝාතනය කර සූට් කේස් එකක දමා සැඟ වූ ඇමෙරිකානු තරුණියකට 26 වසරක සිර දඬුවමක්! නඩු තීන්දුව දෙන අවස්ථාවේ දියණිය සංවේදී වෙයි!

3 years ago

තම මව ඝාතනය කළ දියණියකට වසර 26ක සිරදඬුවමක් නියම වූ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වෙනවා.

හීතර් මැක් නම් මෙම කාන්තාවට මේ වනවිට වයස අවුරුදු 28ක් වන අතර ඇය මීට වසර දහයකට පෙර එනම් ඇය වයස අවුරුදු 18දී සිය පෙම්වතා සමඟ එක් වී මෙම ඛේදනීය අපරාධය සිදුකර තිබෙනවා.

සිය මව සමඟ නිවාඩු නිකේතනයක කාලය ගත කරන අතරතුර මවගේ හුස්ම හිර කර හිසට පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

අනතුරුව සිය පෙම්වතා සමඟ මවගේ මළ සිරුර සූට් කේසයක් තුළ දමා මෝටර් රථයක ඩිකියේ සඟවා තබා තිබෙනවා.

පසුව ඉන්දුනීසියාවේදී මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මැක්ට 2015දී වසර 10ක සිරදඬුවමක් නියම වූ අතර නමුත් ඇයව 2021 වසරේදී නිදහස් කෙරුණා.

අනතුරුව අමෙරිකාවට පැමිණි ඇය එහිදී මෙලෙස අත්අඩංගුවට පත්වූයේ අමෙරිකානු පුරවැසියෙක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන්.

එහිදී යළිත් මැක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගත් අතර වසර 26ක සිරදඩුවමක් සහ ඩොලර් 50000ක දඩ මුදලක් ගෙවන ලෙස ඇමෙරිකානු විනිසුරුවරිය නියෝගකර සිටියා.

පැය හතරක දීර්ඝ නඩු විභාගයක් අවසානයේ මැක්ට උසාවිය ඇමතීමට අවශ්‍ය දැයි විනිසුරුවරිය විමසා සිටි අවස්ථාවේදී මැස් ප්‍රකාශකර සිටියේ මෙවැනි අදහසක්.

” මට සමාවෙන්න. මගේ අම්මගේ වටිනාකම මට තේරෙන්නේ දැන්. මම හදවතින් දැන් ගොඩක් විඳවනවා. මම මගේ අම්මට තාම ආදරෙයි. ඒක හැමෝම දැනගන්න.” යනුවෙනුයි.