කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති අරාක්ෂිත කැමරා පද්ධතිය හරහා මාර්ග නීති කඩ කරන රියදුරන් හඳුනා ගැනීමේ වැඩසටහන ජනවාරි 22 වැනි දා සිට ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
අද (18) පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
එම වැරදි සඳහා අදාළ දඩකොළ, වාහනය ලියාපදිංචි හිමිකරුගේ ආසන්නතම පොලිස් ස්ථානයට ලැබීමට සලස්වන බවද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තවදුරටත් පෙන්වා දුන්නා.

