Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Samsung දුරකථනයන්හි ආධිපත්‍යය බිඳ වැටෙයි! Apple අංක වෙයි!

3 years ago

වසර 12කට පසු ප්‍රථම වතාවට Samsung සමාගම ප්‍රමුඛ ස්ථානයෙන් ඉවතට ඇද දමමින් Apple සමාගම ගෝලීය smartphones වෙළඳපොළේ ඉදිරියට පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර දත්ත සංස්ථාවේ (IDC) දත්තවලට අනුව පසුගිය වසරේ නැව්ගත කරන ලද smartphonesවලින් පහෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඇමරිකානු දුරකථන දැවැන්තයා වන Apple සමාගම සතු වූ බවයි වාර්තා වන්නේ.

සමස්තයක් ලෙස පසුගිය වසරේ smartphones බිලියන 1.2 කට ආසන්න ප්‍රමාණයක් අලෙවි වී ඇති බව IDC වාර්තා පෙන්වා දෙනවා.

එය පෙර වසරට වඩා 3% ක පහත වැටීමක් ලෙස සැලකිය හැකියි.

ආර්ථික අභියෝග සහ ඉහළ පොලී අනුපාත හමුවේ බොහෝ පාරිභෝගිකයින් smartphones මිලදී ගැනීම අඩු කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් විශේෂඥයන් අනාවැකි පළ කරන්නේ මෙම වසරේදී smartphones වෙළඳපොළ යළි යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.