Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹට විශේෂ බස් රථ සේවාවක්

3 years ago

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වසර 66ක ඉතිහාසය තුළ ප්‍රථම වරට විදේශ සංචාරකයින් හා සංචාරයන් සඳහා ඇල්මක් දක්වන ශ්‍රී ලාංකිකයින් මුල් කරගෙන දිවයිනේ ඇති සංචාරක කලාප ආවරණය වන පරිදි විශේෂ සුඛෝපභෝගි බස්රථ සේවාවක් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් හඳුන්වා දී ඇති මෙම විශේෂ බස් රථ සේවාව නම්කර ඇත්තේ ‘කොලොම්පුර චාරිකා’ ලෙසයි.

ඒ සදහා යොදාගැනීමට නියමිත බස් රථ කිහිපයක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

මුල් අදියරේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සංචාරක වළලු හතරක් හඳුන්වා දී මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැගෙන අතර මෙම බස් රථ සඳහා විශේෂ පුහුණුවක් ලද රියදුරෙකු සහ කොන්දොස්තර මහතෙකු හා සේවා සපයන්නෙකු යොදා ගැනීමට නියමිතයි.

මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත දිවයින පුරා සංචාරක කලාප මුල් කරගෙන බස් රථ සේවාව ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පාලන අධිකාරිය අපේක්ෂා කරනවා.