මින් ඉදිරියට සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා නොකරන්නැයි පොලිසියට යළි උපදෙස් ලබාදුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
නාරම්මලදී පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (20) උදෑසන එම නිවසට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ අතර, මෙම පොලිස් වෙඩි තැබීමෙන් මිය ගිය 41 හැවිරිදි රොෂාන් කුමාරතිලකගේ පවුලේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ලබා දීමට එම නිවසට ගිය අවස්ථාවේදී වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කර තිබුණා.

