Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජපන්නු සඳ අල්ලයි

3 years ago

ජපන් රොබෝවක් සාර්ථකව සඳ මත ස්පර්ශ කර ඇති බව වාර්තා වනවා.

නමුත් එහි සූර්ය බලශක්ති පද්ධතියේ ගැටළු ඇතිව ඇති අතර, මේ නිසා ජපාන සඳ මෙහෙයුම පැය කිහිපයකින් අවසන් වනු ඇති බවයි විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.

සඳ විමර්ශනය කිරීම සඳහා වන ස්ලිම් නමින් හැන්දින්වෙන ස්මාර්ට් ලෑන්ඩරය චන්ද්‍ර පෘෂ්ඨය මත සමක ආවාටයක් අසල මෘදු ලෙස ගොඩ බැස්සවූ බවයි ජපානය පවසනවා.

මෙම ජයග්‍රහණය, එක්සත් ජනපදය, සෝවියට් සංගමය, චීනය සහ ඉන්දියාවට පසුව ස්වභාවික චන්ද්‍රිකාවක් මෘදු ලෙස ගොඩ බැස්සවූ පස්වන රට බවට ජපානය පත් කරවනවා.

කෙසේ වෙතත්,මෙම යානයේ සූර්ය බලශක්ති පද්ධතියේ ගැටළු හේතුවෙන් මෙහෙයුම සුරැකීමට ජපන් ඉංජිනේරුවන් දැන් සටන් කරමින් සිටින බව සඳහන්.

යානයේ යම් දෝෂයක් නිසා එහි සූර්ය කෝෂ විදුලිය නිපදවන්නේ නැති බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ වෙතත් සඳ මත ආලෝක කෝණ වෙනස් වන විට, ස්ලිම්ට නැවත ජීවය ලැබිය හැකි බව ජපාන අභ්‍යවකාශ ඒජන්සි නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.