Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගාල්ලේ පාසලක උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ අවුලක්

3 years ago

ගාල්ල ශ්‍රි හෘදය කන්‍යාරාමයේ ශාලා අංක 02 විභාග මධ්‍යස්ථානයේදී අද පැවති ගණකාධිකරණය 1 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි තම දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි එම දරුවන්ගේ දෙමව්පියෝ පවසති.

ඔවුන් පවසන්නේ දරුවන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටියදි ඔවුන් ගෙනෙන ලද ගණක යන්ත්‍ර(කැල්කියුලේටර්) ශාලාධිපතිනිය විසින් එකතුකර ගෙන ඇති බවය.

පසුව ශාලාධිපතිනිය දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට පවසා ඇය විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නා ලද උපදෙස් මත පැය භාගයකට පසු ආපසු ඒවා ලබාදි ඇති බවත් එසේ ලබාදි ඇතත් ඒ වන විට ඒවා කලවම්කර නිසා තම තමන්ගේ ගණක යන්ත්‍ර තෝරා ගැනිමටද දරුවන්ට බොහෝ වේලාවක් ගත කරන්නට සිදුව ඇතත් එසේ ගතවු කාල සිමාව වෙනුවෙන් අමතර කාලයක් ලබාදි නැති බවත් දෙමව් පියෝ පවසති.

මව්පියන් පැවසුවේ මේ නිසා දරුවන් හඩමින් විභාග ශාලාවෙන් පිටතට පැමිණි බවය.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපරාත්මේන්තුවේ නිලධාරියකුගෙන් විමසූවිට කියා සිටියේ විභාග දෙපාරතමේන්තුව විසින් අනුමත කරන ලද ගණක යන්ත්‍ර හැර ‍සිසුවියන් කිහිප දෙනකු වෙනත් ගණක යන්ත්‍ර ගෙනැවිත් තිබු නිසා ශාලාධිපතිනිය ඒවා ලබාගෙන ඇති බවය.