Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එළැඹෙන සතියේ දිවයින පුරා පෞද්ගලික බස් වර්ජනයක් ?

3 years ago

ඉකුත් දා මාධ්‍ය හමුවක් කැඳවමින් වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ලබන සඳුදා(22) සිට රථවාහන වැරදි කරන රියදුරන් සීසීටීවී මාර්ගයෙන් හඳුනාගෙන ඊට අදාළ දඩ පත්‍ර තැපැල් මාර්ගයෙන් ඔවුන්ගේ නිවෙස්වලට යවන බවයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (20) කියා සිටියේ අදාළ ක්‍රියාමාර්ගය අවලංගු නොකළොත්, ඉදිරි දින කිහිපයේදී පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කරන බවයි.

එහි දී ඔහු සඳහන් කළේ, බස් රථවලට අදාළව එම තීරණය ක්‍රියාතමක කිරීමට නම්, බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරුව විධිමත්ව ක්‍රියාත්මක කළ යුතු බවයි.

මේ අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ, අදාළ දඩ පත්‍ර බස් රථ හිමිකරුවන්ගේ නිවෙස්වලට යැවීම පළක් නොවන බවත්, බස් රථ ධාවනය කරන්නේ රියදුරන් මිස හිමිකරුවන් නොවන බවයි.

තව ද ඔහු, පොලිස්පතිවරයාව සඳහන් කරමින් අවධාරණය කළේ, මේ ආකාරයෙන් දඩ පත්‍ර නිවෙසට යවනවා නම් වැරැද්ද පමණක් නොව ඊට අදාළ සාක්ෂි ද ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක කර බස් රථ ධාවනයට නිසි වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් මෙම යෝජනාවට බස් රථ හිමිකරුවන්ද එකඟ වන ඔහු වැඩිදුරටත් පවසනවා.