අග්නිදිග ඉන්දියානු සාගර කලාපයේ අද (21) ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ, රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන් වූ මෙම කම්පනය සිදුව ඇත්තේ සාගර අභ්‍යන්තරයේ සිට කිලෝමීටර 10ක ගැඹුරින් බවයි.
මෙම ප්‍රදේශය මැඩගස්කරයේ සිට කිලෝමීටර 1,636ක් දුරින් පිහිටා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
මේ අතර, බ්‍රසීලයේ ද ප්‍රබල භු කම්පනයක් හට ගෙන තිබෙනවා.
පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර 628ක ගැඹුරින් සිදුවූ මෙම කම්පනය රික්ටර් මාපාංකයේ සටහන් වී ඇත්තේ 6.6 ක් ලෙසයි.

