උත්සව සංවිධාන කටයුතු සීමා කරන ලෙස දන්වා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඒ විවිධ උත්සව සංවිධානය කරමින් ඇතැම් පාසල් මගින් දෙමව්පියන් ගෙන් මුදල් එකතු කරන බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමිනි.
මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ පාලනය වන සියලුම පාසල්වලට මෙම චක්‍රලේඛය බලපැවැත්වෙන බව ඔහු දැනුම්දී ඇත.
එම චක්‍රලේඛයට අනුව පළමු වාරයේදී උත්සව තුනක් ද දෙවන හා තෙවන වාරවලදී උත්සව හතරක් ද පැවැත්වීමට අවසර හිමිවන අතර ඊට අමතරව කිසියම් උත්සවයක් පවත්වන්නේ නම් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් අවසර ගත යුතුව තිබේ.
පළමු වාරයේදී ළමුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය, නිදහස් උත්සවය සහ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය පැවැත්වීමට අවසර හිමිවන අතර දෙවන හා තෙවන වාරවලදී අධ්‍යාපන චාරිකාව, කලා උළෙල, වර්ණ ප්‍රධානෝත්සවය හා වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වීමට අවසර හිමි වනු ඇත .
සංගීත සංදර්ශන, ගුරු උපහාර ඇතුළු විවිධ සැමරුම් උත්සව සංවිධානය කරමින් විදුහල්පතිවරුන් ඇතුළු විවිධ කණ්ඩායම් සීමාවකින් තොරව දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලද පැමිණිලි වලට අනුව එම චක්‍රලේඛය නිකුත් කොට තිබේ.

