Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළින් පසු දරුවන්ට නව වැඩපිළිවෙලක්

3 years ago

උසස් පෙළ අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙබරවාරි මස සිට වෘත්තීය අධ්‍යාපනය පාසලේදීම ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිතව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වැඩසටහනක් එලෙස සිදුකිරීමට නියමිතය.

අපොස උසස් පෙළ අධ්‍යාපනය අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වෘත්තීය පුහුණු වැඩසටහන දිවයිනේ තෝරාගත් පාසල් 299ක දී ක්‍රියාවට නංවන බව ද අමාත්‍යවරයා පැවසීය.

2024 ජනවාරි මස අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙබරවාරි මස 09 දිනට පෙර මෙම වැඩසටහනට ලියාපදිංචි විය හැකිය.