Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති මෛත්‍රීගේ දියණියගේ නිවසට හොරු පැනලා! ලක්ෂ ගණනක බඩු රැගෙන යයි!

3 years ago

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන පදිංචි බත්තරමුල්ල, වික්‍රමසිංහපුර පිහිටි දෙමහල් නිවස කඩා රුපියල් ලක්ෂ 30කට ආසන්න දේපළ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි තලංගම පොලිසිය පවසනවා.

මෙලෙස සොරාගෙන ගොස් තිබූ දේපළ අතර නිවසේ අල්මාරියේ තිබූ රුපියල් 150,000 ක මුදලක්, රන් ආලේපිත ඔටුවෙකුගේ පිළිමයක්, ස්මාර්ට් අත් ඔරලෝසුවක්, රන් ආලේපිත සිංගප්පූරු කාසි 8 ක්, වියලි ආහාර ද්‍රව්‍ය හා පාසල් පොත් බෑගයක් ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණියගේ සැමියා කොළඹ නිවසට පැමිණි අවස්ථාවේදී නිවස සොරුන් විසින් කඩා ඇති බව දැක තලංගම පොලිසියට ඒ බව පැමිණිලි කර තිබෙනවා.

නිවසට ඇතුළු යම් පුද්ගලයකු හෝ කීප දෙනෙකු මුලුතැන්ගෙයි වීදුරු දොර කඩා ඇතුළු වී නිවසේ තිබූ දේපළ සොරාගෙන ගොස් ඇති බවට ඇයගේ සැමියා පොලිසියට පැමිණිලි කර තිබෙනවා.