ලොව ධනවත්ම දේශපාලනඥයා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බව ෆයිනෑන්ෂල් එක්ස්ප්රස් වෙබ් අඩවිය පවසනවා.
ඔහුට අයත් වත්කම් වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක් බවත්, ඒ අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක මන්දිරයක්, ඇමෙරිකානු ඩොලර් මිලියන 716 ක ගුවන් යානයක් තිබෙන බව ෆයිනෑන්ෂල් එක්ස්ප්රස් වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.
එම මන්දිරයේ කෑම කාමරයේ තිබෙන භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක් බවද එම වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
එසේම ඔහුට මෝටර් රථ 700 ක්, සැහැල්ලු ගුවන් යානා සහ හෙලිකොප්ටර් 58 ක්, නිවාස 19 ක් පමණ හිමි බව වාර්තා වනවා.
ජනාධිපති පුටින්ට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 716 ක වටිනාකමින් යුත් ගුවන් යානය පියාසර කරන ක්රෙම්ලිනය ලෙස හඳුන්වන බවද එම වාර්තා දැක්වෙනවා.
ජනාධිපති පුටින්ගේ වත්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක් ලෙස සටහන් කළත් සැබැවින්ම එය ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ට වඩා වැඩි බව ෆයිනෑන්ෂල් එක්ස්ප්රස් වෙබ් අඩවිය සඳහන් කරනවා.
නමුත් ඔහු මෙතරම් වතක්මක් උපයා තිබෙන්නේ කෙසේදැයි අභිරහසක් බවද ෆයිනෑන්ෂල් එක්ස්ප්රස් වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

