Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අයියාගේ කතුරු පහර මල්ලීට මරු කැඳවයි

3 years ago

බොරැල්ල සර්පන් ටයින් පාරේ නිවසකදී වැඩිමල් සහෝදරයා බාල සහෝදරයාට කතුරකින් ඇන ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ 8, බොරැල්ල සර්පන් ටයින් පාර අංක 130/ඒ 6 පදිංචිව සිටි වෙළඳ සාහයකු ලෙස කටයුතු කරන අයි එච් ජයන්ත (55) නැමැත්තෙකි.

මරණකරු මත්පැන් පානය කර සිටියදී වැඩිමහල් සහෝදරයා සමඟ ඇති වූ බහින් බස් වීමත් දුරදිග යාමෙන් අනතුරුව සැකකාර වැඩිමල් සහෝදරයා විසින් කතුරකින් පපුවේ වම්පස ප්‍රදේශයට ඇණ ඇතැයි පොලිසිය සඳහන් කරයි.

බරපතළ තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර වාට්ටු අංක 72 වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මොවුන් දෙදෙනාම මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය සඳහා ඇබ්බැහි වූවන් බවද පොලිසිය කියයි.

59 හැවිරිදි සැකකාර සොයුරා ඝාතනයට යොදා ගත් කතුරක් සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.