Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඖෂධ අධි මාත්‍රාවෙන් ශරීරගතවීමෙන් කථිකාචාර්යවරයකු මිය යයි

3 years ago

ඖෂධ අධි මාත්‍රාවක් පානය කිරීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්යවරයෙකු ඊයේ (22) ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

කෘෂිකර්ම පීඨයට අයත් නිල නිවෙසක බිරිඳ සමඟ පදිංචිව සිට ඇති ආචාර්යවරයා ඊයේ අලුයම 1.00ට පමණ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර තිබෙනවා.

මියගොස් ඇත්තේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යා අංශයේ සේවය කළ ආචාර්ය බී.එල්. පීරිස් නැමැති 60 හැවිරිදි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් පැවසුවේ.

එම කථිකාචාර්යවරයාගේ බිරිඳද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ සේවය කරන අතර මරණය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් පරීක්ෂණ සිදුකරනු ලබයි.