Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිමිනමක් වෙඩි තබා ඝාතනය කෙරේ

3 years ago

ගම්පහ – මල්වතුහිරිපිටිය කහටාන ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් අද (23) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස වෙඩිවැදීමෙන් ජීවික්ෂයට පත් වී ඇත්තේ කහටාන ගණාරාම මහා විහාරවාසී කලපලුවාවේ ධම්මරතන නම් වයස අවුරුදු 44ක හිමිනමක් බවයි පොලිසිය සඳහන් කලේ.

එමෙන්ම, මෙම වෙඩි තැබීම සඳහා T – 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

තවද මෙම වෙඩි තැබීම සඳහා හොන්ඩා ෆිට් වර්ගයේ දම්පැහැති කාර් රථයකින් පැමිණි සැකකරුවන් සිව්දෙනෙකු වෙඩිතබා පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදුණු හිමිනම ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇති අතර, මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.