Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‍රජයේ සේවකයින්ට ලබා දෙන සහන දුරකථන පැකේජය මාධ්‍යවේදීන්ටත් ලබා දෙන ලෙස ජනපතිගෙන් උපදෙස්

3 years ago

මොබිටෙල් ආයතනය විසින් රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් වෙත ලබා දෙන උපහාර පැකේජය නව සහන සමගින් නැවත ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත උපදෙස් දී තිබේ.

ඒ අනුව සියලු දෙනාට මෙම ප්‍රතිලාභය ලබා දෙන ලෙසත්, එම සහන පැකේජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලුම මාධ්‍යවේදීන් වෙත ද ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත වැඩිදුරටත් උපදෙස් දී ඇත.